මැණික්හින්න මහා විද්‍යාලය

වත්තේගම

මැණික්හින්න මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ලෝක ළමා දින සැමරුම

ශිෂ්‍ය පාර්ලිමේන්තුව

වෛද්‍ය සායනය

ගුරු දිනය

WhatsAppImage2024-09-26at124208_6e8115b4
WhatsAppImage2024-09-26at124225_a085e8d5
img-20231006-wa0156.jpg
Shadow

මප /වත්/මැණික්හින්න මහා විද්‍යාලය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ, වත්තේගම අධ්‍යාපන කලාපයේ, කුණ්ඩසාල කොට්ඨාශයේ, මැණික්හින්න නගරයේ පිහිටි පිරිමි පාසලකි. 1906 වර්ෂයේ කුරුණෑගල දියෝකිසිය (ලංකා සභාව ) මගින් මිෂනාරි සභාවට අයත්, හුරීකඩුව ලංකා සභා පාසැල (හුරීකඩුව  සී. සී.) නමින් සිංහල, දෙමළ, මුස්ලිම්, දරුවන් 100 දෙනෙකුගෙන් 1-5 දක්වා පොල්අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක ආරම්භ කර ඇත. 1930 දී ස්ථීර ගොඩනැගිල්ලක් ලැබුණු අතර 1933 දී 8 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ වීමත්, ඉංග්‍රීසි  මාධ්‍යයෙන් ඉගෙනුමත් සිදුවී ඇත.

1962.02.15 වැනිදා බෞද්ධ පාසලක් ලෙස රජයට පවරා ගැනීමත් 1970.01.01 දින සිට පිරිමි විද්‍යාලයක් බවට පත්වීමත්, අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ වීමත් සිදුව ඇත. දැනට 1- 13 දක්වා ශ්‍රේණි පැවැත්වේ. සිසුන් පාසලට ඇතුලත් වීමේ ප්‍රවණතාවය පසු කාලය තුල අඩු වුවත් මේ වන විට යහපත් තත්ත්වයට පත්ව ඇත.

පළමු ශ්‍රේණියට ඇතුලත් වීම වසරින් වසර වැඩි දියුණුවක් ඇතත් 6 ශ්‍රේණියේදී සිසුන්ගෙන් කොටසක් ප්‍රධාන පාසල් කරා ඇදීයාමක් සිදුවේ . 2016 වර්ෂයේ සිට විධිමත් පස් අවුරුදු හා වාර්ෂික  සැලසුම් සකස් කරමින් එම  සැලසුම්වලට අනුව ඉදිරි ගමනක් ආරම්භ කරන ලදී . 2016 වර්ෂයේ සමස්ත ලංකා සංගීත ප්‍රථම ස්ථානයක් හා නර්තන තෙවන ස්ථානයක් හිමි කර ගන්නා ලදී . 2016 වර්ෂයේදී සිසුන් තිදෙනෙකුගෙන් අ.පො. ස. (උසස් පෙළ ) වාණිජ්‍ය විෂය ධාරාව ආරම්භ කරන ලදී. 2018 වර්ෂයේදී නව දෙමහල් ගොඩනැගිල්ල පළාත් පාලන  අමාත්‍ය ගරු සරත් ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත්විය .

2019 වර්ෂයේ සිට " ROOM TO READ " ආයතනය මගින් අනුග්‍රහය දැක්වූ ළමා මිතුරු පුස්තකාලය විධිමත්ව පවත්වා ගෙන යාමට, හැකිවීම, පාසලේ ගුණාත්මකභාවය ඉහළ යාමට  රුකුලක් විය. 2019 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් එක සිසුවෙකු සමත් වී ඇත. එමෙන්ම 2019 සමස්ත ලංකා සංගීත තරගාවලියේ හොඳම ශාස්ත්‍රිමය ගුණාත්මක බැවින් යුතු අංගයට හිමි සම්මානය සංගීත අංශයේ කනිෂ්ඨ අංශය සඳහා හිමිවීම ද අප ලද ජයග්‍රහණයකි. එමෙන්ම ජේෂ්ඨ අංශයට ද සමස්ත ලංකා තරගාවලියට සහභාගී වීමට අවස්ථාව ලැබිණි. චිත්‍ර අංශයේ පළාත් තරගාවලියේ ප්‍රථම ස්ථාන 2 ක් ලබා ගැනීමට හැකිවීම ද අප ලද ජයග්‍රහණයකි. 2020.01.08 දින මෙම විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ H .M .D .A .දෙහිගස්තැන්න  මයා ස්ථාන මාරු ලබා ගිය බැවින් 2020.1.17 දින සිට නව විදුහල්පති ලෙස K.G.S. ඉන්ද්‍රජිත් මයා රාජකාරී කටයුතු භාර ගන්නා ලදී. 2021 ගෝලීය  COVID  වසංගතයේ බලපෑම හේතුවෙන්, අධ්‍යාපන ක්ෂේත්‍රයට එල්ල වූ පසුගාමිත්වයට නව තාක්ෂණය එනම්, Whatsapp හා Zoom යොදාගැනීම තුලින්, ඇතිවීමට ගිය පසුගාමී තත්වයට බාධක මැද්දේ වුව ද , මුහුණ දීමට හැකිවීම අප ලද ජයග්‍රහණයකි.

2022 වර්ෂයේදී, පෙර වර්ෂවල පැවති බාධක අභිබවා  ජයග්‍රහණ කිහිපයක් හිමි කරගනිමින් විදුහල් මාතාව බැබළවීමට හැකිවීම අප ලද විශාල ජයග්‍රහණයකි. නර්තන අංශයේ ඒකල අංගය පළාත් 2 වන ස්ථානය ද, සමූහ ඉදිරිපත් කිරීම පළාත් ප්‍රථම ස්ථානය හා සමස්ත ලංකා දෙවන ස්ථානය හිමි කරගැනීමට සමත් විය. එමෙන්ම සංගීත අංශයේ සමූහ ගායනය පළාත් ප්‍රථම ස්ථානය මෙන්ම සමස්ත ලංකා 5 වන ස්ථානය හිමි කරගැනීමට සමත් විය. සමාජ විද්‍යා තරග අංශයේ පළාත් 2 වන ස්ථානය ලබාගැනීමට හැකිවීම ද අප ලද භාග්‍යයකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට “සාහිත ශෝභා කලා උලෙළ - 2022” අති උත්කර්ෂවත් අන්දමින් පවත්වා සිසු දරුවන්ගේ සැඟවුණු කුසලතා අභිමානවත් ලෙස ඇගයීමට ලක් කිරීමට හැකි වීම ද විදුහලක් ලෙස අප ලද විශාල ජයග්‍රහණයකි.

සෞන්දර්ය අංශයේ ජයග්‍රහණ වශයෙන් නර්තන අංශයෙන් සමුහ ඉදිරිපත්කිරීම සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හා ඒකල ඉදිරිපත්කිරීම සමස්ත ලංකා දෙවන ස්ථානයද, සංගීත අංශයේ සමුහ ගායනය  සමස්ත ලංකා තෙවන ස්ථානයද, හිමි කර ගැනීමට හැකිවිම, 2023 වර්ෂයේ අප ලද විශිෂ්ඨ ජයග්‍රහණ වේ.

 

2024 වර්ෂය තුළ අධ්‍යාපන සංවර්ධනය ඉලක්ක කරගනිමින් , නිපුණතා සපිරි විනයගරුක  සිසු පරපුරක් සමාජයට දායාද කිරීම අපගේ පාසලේ අපේක්ෂාවයි.

 

 

ආරම්භ කළ වර්ෂය

1906 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

05

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

100

මුල් ගුරුතුමාගේ නම

 

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

හුරීකඩුව ලංකා සභා පාසැල (හුරීකඩුව  සී. සී.) 

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

1962.02.15

පාසල පැවැත්වූ ස්ථානය

මැණික්හින්න නගරයේ, පොල්අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක 

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව