2024.10.02 දින වත්තේගම කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පැවැත්වීය. කලාප පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි මනාප ලබා ගත් අප විද්‍යලයේ නියෝජිතයන් දෙදෙනාගෙන් මලීෂ සදරුවන් ශිෂ්‍යයා ගරු ශිෂ්‍ය චර්යා සංවර්ධන හා ශිෂ්‍ය සුබසාධන අමාත්‍යතුමා ලෙසද ප්‍රසාද් බෙලිගස්වත්ත ශිෂ්‍යයා ගරු මන්ත්‍රීතුමා වශයෙන්ද තේරී පත්ව කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමිය වන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඉදිරියේ දිවුරුම් දෙන ලදි.








